ශ්‍රී ලංකාවේ ප‍්‍රාග්ධන ලාභ බද්ද සහ ඉන් දේපළ සඳහා ඇති වන බලපෑම්
ප‍්‍රාග්ධන ලාභ බදු යනු කුමක්ද?
ප‍්‍රාග්ධන ලාභ බද්ද (Capital Gains Tax) යනු ආයෝජන වත්කම් උප ලබ්ධි කරගැනීම මත පනවනු ලබන බදු වර්ගයකි. මෙම බදු අය කරනු ලබන්නේ දේපළක් හෝ ආයෝජනයක් විකිණීමෙන් ලබන ලාභය මත වන අතර 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත යටත් මෑතකදී නැවත වතාවක් ශී‍්‍ර ලංකාවට හඳුන්වා දෙන ලද මෙය 2018 අපේ‍්‍රල් 1 වන දින සිට කි‍්‍රයාත්මක වේ. කෙසේ වෙතත් මෙහිදී දේපළ මිලදී ගැනීම සඳහා, එය වැඩි දියුණු කිරීමට හා විකිණීම සඳහා දරන ලද වැය ආදිය සැලකිල්ලට ගෙන එම අගයන් සමස්ත වටිනාකමින් අඩු කරනු ලැබේ. ප‍්‍රාග්ධන වත්කම් සඳහා ඕනෑම ඉඩමක්, ගොඩනැගිල්ලක්, යන්ත්‍රෝපකරණ සහ වෙළඳපොල කොටස් ආදිය අයත් වේ. කෙසේ වුවද ශී‍්‍ර ලංකාවේ පවතින වර්තමාන පනතට අනුව කොටස් වෙළෙඳපොළේ ප‍්‍රාග්ධන ලාභ මින් නිදහස් කොට තිබේ. 2018 අපේ‍්‍රල් 1 වන දින සිට සෙසු ප‍්‍රාග්ධන ලාභ සඳහා 10%ක බදු මුදලක් අය කරනු ඇත.
ආයෝජන වත්කමක් යනු කුමක්ද?
ආයෝජනයක කොටසක් ලෙස තබා ගන්නා ප‍්‍රාග්ධන වත්කම් (උදා:- ඉඩමක් හෝ ගොඩනැගිල්ලක්, මූල්‍ය වත්කමක්)
ප‍්‍රාග්ධන ලාභ බදු වලින් බැහැර කළ දෑ කවරේද?
- පුද්ගලයෙකු නේවාසිකව සිටින නිවස හා ස්ථානය. මෙය අඛණ්ඩව වසර 3ක කාලයක් අදාළ පුද්ගලයාට හිමිව තිබිය යුතු අතර පසුගිය වසර 2ක කාලය තුළ ඔහු එම නිවසේ පදිංචිව සිටිය යුතුය. (දිනපතා පදනම මත ගණනය කෙරේ)
- ලාභය/ලැබීම් රුපියල් 50,000 කට වඩා අඩු වන්නේ නම් සහ වසරකදී ලබන සමස්ත ලාභය (බහුවිධ ලැබීම් වලින්) රුපියල් 6,00,000 වඩා අඩු නම්.
- කොටස් දෙකක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක ආයෝජන වත්කම් සපුරා ඇත්නම්.
- හවුලේ අයත් ආයෝජන වත්කම් සාක්ෂාත් කරගෙන ඇති විටෙක.
- තොග අලෙවිය හෝ ක‍්‍රියාකාරිත්වය දුර්වල වූ වත්කම්.
වටිනාකම ගණනය කරන්නේ කෙසේද?
2017 සැප්තැම්බර් 30 දක්වා ආයෝජන වත්කම්වල වටිනාකම. උදාහරණයක් ලෙස දක්වතොත් ඔබ වසර 2000දී ඉඩමක් මිලදී ගත්තේ් නම් 2017 සැප්තැම්බර් 30 වන දිනට එහි වටිනාකම තක්සේරු කරනු ලැබේ. ඔබ එම වත්කම ඉන්පසුව ලද්දේ නම් එම අත්පත් කරගැනීම සඳහා වැය කළ මුදල වටිනාකම ලෙස සලකනු ලැබේ.
ප‍්‍රාග්ධන ලාභය ගණනය කරන්නේ කෙසේද?
1. 2010 ජනවාරි 10 ඉඩම මිලදී ගත් වටිනාකම රු 10,000,000
2. 2012 ඉඩමේ නිවසක් තැනීමට සිදු කළ වැය රු 15,000,000
3. 2017.09.30 වන දිනට භූමියේ සහ නිවසේ වෙළෙඳපොළ වටිනාකම 32,000,000
4. 2017.12.01 නිවස අලූත්වැඩියා කිරීම සඳහා සිදුකළ වැය 1,000,000
5. 2018.10.01 ඉඩම සහ නිවස විකුණන ලද මුදල 35,500,000
6. ඉඩම අලෙවිය පිළිබඳ ප‍්‍රචාරණ කටයුතු, තක්සේරු කිරීම හා නීති කටයුතු සඳහා සිදුකළ වැය 4,00,000
7. ඉඩම හා නිවස + අලූත්වැඩියාව + සෙසු වියදම් = 32,000,000 + 1,000,000+400,000 = 33,400,000
2018-10-01 දිනට දේපළෙහි ප‍්‍රාග්ධන ලාභය = ළ විකුණුම් මුදල ඝ – ළ 2017-09-30 වන දිනට වැයඝ = 35,500,000 – 33,400,000 = 1,600,000
ගෙවිය යුතු ප‍්‍රාග්ධන ලාභ බදු ප‍්‍රමාණය 1,600,000 න් 10% = 1 600 000
ගෙවිය යුතු ප‍්‍රාග්ධන ලාභ බදු ප‍්‍රාග්ධන ප‍්‍රමාණය = 1,600,000 න් 10% = 160,000
වත්කම මත බදු සලකා බැලෙන්නේ කිනම් අවස්ථාවලද? (ඔබ විසින් ප‍්‍රාග්ධන ලාභ බදු ගෙවිය යුතුද?)
- දේපළ අලෙවිය සාක්ෂාත් කරගැනීමෙන් ලබන හෝ ලැබිය යුතු මුදල් සඳහා. (අලෙවියෙන් ලබන මුදල)
- මුදල් වලට අමතරව ලබන ප‍්‍රතිලාභ සඳහා. (තවත් වත්කමකට වත්කමක් හුවමාරු කරගැනීම)
- වත්කමක් හිමි කරගැනීමට අදාළව ලබන මුදල් සඳහා. (උදා:- වෙනස් කිරීම් හා අලූත්වැඩියාවන්)
- වත්කමක හිමිකාරිත්වය වෙනස් වීමේදී. (උදා:- අලෙවිය, හුවමාරුව, බෙදාහැරීම, මාරු කිරීම, අවලංගු කිරීම, අහිමි වීම, විනාශ වීම
- පුද්ගලයකුගේ මරණයේදී
- වත්කමක් රඳවා තබා ගැනීමෙන් ලාභ ලැබීමකදී. (උදා:- බදු දීම, පූර්ණ අලාභ, පුරවැසිභාවය වෙනස් කිරීම)
- පුරවැසිභාවය වෙනස් කිරීම. (2017 අංක 24 දරණ දේශිය ආදායම් පනතේ 69 සහ 70 වගන්ති)
යම් විදේශිකයකු ශී‍්‍ර ලංකාවේ පුරවැසියකු වූ විට සහ කලින් පදිංචිව සිටි රටේ අනේවාසිකයකුු වූ අවස්ථාවක එම පුද්ගලයා විසින් විදෙස් රටේ තබා ඇති ඕනෑම වත්කමක් සලකා බැලෙන අතර එහි වටිනාකම අනුව ඔහු විසින් ප‍්‍රාග්ධන ලාභ බදු ගෙවිය යුතු වේ.
ශී‍්‍ර ලංකාවේ නේවාසිකව සිටින පුද්ගලයෙකුගේ එම නේවාසික භාවය අවසන් කළ විටෙක එම අවසන් කිරීමට පෙර පැවැති වත්කම් ඔහු සතු වත්කම් ලෙස සලකනු ලැබේ.
පුරවැසිභාවයක් ලද සැනින්ම හෝ පුරවැසිභාවයක් අහිමි කළ සැනින්ම යම් පුද්ගලයෙකු පදිංචිව සිටින දේපළක් වන වත්කම් මේ සඳහා අදාල නොවේ.
වත්කමක් පැවරීමෙන් සිදු වන්නේ කුමක්ද?
සමීපතමයෙකු (දරුවෙකු, මුණුපුරෙකු, ඥතියෙකු* කාලත‍්‍රයා හෝ හිටපු කාලත‍්‍රයා/මරණයකදී හෝ දික්කසාදයකදී තම වත්කම් පැවරීමේදී එය අත්කරගන්නා පුද්ගලයා සඳහා වන අත්කරගැනීමේ වැය වත්කමේ ශුද්ධ වැය ලෙස (2017.09.30 දිනට ශුද්ධ වැය* හෝ 2018.04.01 දිනෙන් පසු අත්කර ගැනීමේ වැය ලෙස සලකනු ලැබේ. හුවමාරු කරගැනීමක් සඳහා වත්කමේ වෙළඳපොල වටිනාකම සැලකිල්ලට බඳුන් කරනු ලැබේ.
උදාහරණ:
1 ඉඩමක් මිලදී ගැනීම සඳහා. 5,000,000
2 2017.09.30 දිනට ඉඩමේ වටිනාකම. 6,000,000
3 2018.08.15 ඉඩම ‘බී’ නැමැත්තාට පැවරීම.
4 ‘එ් ’ නැමැත්තාට කිසිදු අත්පත් කරගැනීමක්/අහිමිවීමක් සිදුව නැත. (ප‍්‍රාග්ධන ලාබ බදු ගෙවීමට අවශ්‍ය නැත.
5 ‘බී’ විසින් 2018.12.30 ඉඩම 7,500,000 කට විකුණනු ලබයි.
6 ‘බී’ විසින් බදු ගෙවිය යුතු ප‍්‍රාග්ධන ලාභය 7,500,000 – 6,000,000 = 1,500,000
මා විසින් ප‍්‍රාග්ධන ලාභ බදු ගෙවිය යුත්තේ කෙසේද? කිනම් අයුරකින්ද?
ආයෝජන වත්කමක් සාක්ෂාත් කර ගැනීමෙන් පසු මසක් ඇතුළත ඔබ විසින් ප‍්‍රාග්ධන ලාභ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එ් සඳහා අදාළ බදු ගෙවිය යුතු වේ.
වත්කමකින් ලබන පාඩුවකදී ප‍්‍රාග්ධන ලාභ බදු එ් වෙනුවට ආදේශ කළ හැකිද?
ප‍්‍රාග්ධනයකින් ලබන පාඩුවකදී එය ආදේශ කිරීමක්් කළ නොහැක
මෙය නිවේදනය කළේ?
2017 අයවැය කතාවේදී ශී‍්‍ර ලංකා රජය ප‍්‍රථම වතාවට ප‍්‍රාග්ධන ලාභ බදු අයකරගැනීමේ සැලසුම් කි‍්‍රයාත්මක කළේය. ඕනෑම චංචල දේපළක්ද ඇතුළුව ප‍්‍රාග්ධන වත්කම සම්බන්ධයෙන් කෙරන ගනුදෙනු වලදී 10%ක අනුපාතයක් එ් සඳහා අදාළ කළ යුතු බවට එහිදී යෝජනා විය.
මෙය අදාල වන්නේ කවුරුන් සඳහාද?
පවතින තත්ත්වය මත ප‍්‍රාග්ධන ලාභ බදු අදාළ වන්නේ වසර 10ක කාලයක් තුළ මිලදී ගත් දේපළ සඳහා සහ පසුව සිදුවන අලෙවියකින් ලාභ ලබා ගැනීම යන නිර්නායකයන් මත විදේශිකයන් හා මෙරට පුරවැසියන් සඳහාය.
මෙම බද්ද පැනවීම සඳහා හේතුව කුමක්ද?
ප‍්‍රාග්ධන ලාභ බදු අය කිරීමට තීරණ කිරීමේ හේතු රැුසක් පවතී. ඉන් ප‍්‍රධාන තැනක් ගන්නේ රජය විසින් යටිතල පහසුකම් වෙනුවෙන් අති විශාල වැයක් දරා ඇති අතර එය ඉඩම් හා දේපළ වල වටිනාකම ඉහළ යාමට බෙහෙවින් උපකාරී වී තිබීමය. එබැවින් එවැනි පසුබිමක් යටතේ රජයද ඉන් ප‍්‍රතිලාභ ලැබීම සුදුසුය.
එසේම මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරන ලද ප‍්‍රතිසංස්කරණ යෝජනාවල අංගයක්ද වේ. දළ දේශිය නිෂ්පාදිතය සඳහා බදු ආදායම් අනුපාතය ඉහළ නංවන ලෙස ඔවුන් විසින් පරිපාලනයට උපදෙස් දී තිබිණ.
ප‍්‍රාග්ධන ලභ බදු පැනවීම මගින් රජය රුපියල් බිලියන 5ක් පමණ ඉපැයීමට අපේක්ෂා කරන අතර එය 2017 වසර සඳහා රජය අපේක්ෂිත බදු ආදායමෙන් 0.27% ක ප‍්‍රමාණයකි.
අනෙකුත් බදු කෙතරම් ප‍්‍රමාණයක් අදාළ වේද?
වර්තමානයේ දේපළ සඳහා අදාළ වන අනෙකුත් බදු වර්ගය වන්නේ ඔප්පුවක හිමිකාරිත්වය ලියාපදිංචි කිරීමේදී පැනවෙන 4%ක මුද්දර ගාස්තුව පමණි.
මෙම බද්දෙන් ශී‍්‍ර ලාංකික දේපළ වෙළෙඳපොළ සඳහා ඇතිවන බලපෑම්
ප‍්‍රාග්ධන ලාභ බදු පැනවීම පිළිබඳව ක්ෂේත‍්‍රය තුළ විවිධ මත පවතී. ඇතමුන් එය අත්‍යාවශ්‍ය පියවරක් ලෙස දකින අතර බොහෝ දෙනා මෙහි අපැහැදිලි භාවය පිළිබඳව තම අවධානය යොමු කර සිටිති. ප‍්‍රාග්ධන ලාභ බදු වලට අතීතයට බලපාන පරිදි බදු කිරීමේ බලය තිබේදැයි ආදී ගැටලූ පිළිබඳ අපැහැදිලිතාවයන් පිළිබඳව බොහෝ පාර්ශ්වකරුවන් අවධානය යොමු කර සිටී.
රොයිටර් වාර්තාවන්ට අනුව අගමැතිවරයා විසින් ප‍්‍රාග්ධන ලාභ බදු කි‍්‍රයාත්මක කිරීම ආරම්භයත් සමග විදෙස් ආයෝජකයින් විසින් රුපියල් බිලියන 5කට අධික වත්කම් විකුණා ඇති බව අනාවරණය වේ.
පාර්ශ්වකරුවන් විසින් ගැනීමට පෙළඹී සිටින තවත් මතභේදාත්මක පියවරක් වන්නේ ප‍්‍රාග්ධන ලාභ බදු ගෙවීමට සිදුවීම මත තම දේපළ වසර 10කට වඩා වැඩි කාලයක් රඳවා තබා ගනිමින් අඩු ඵලදායි තත්ත්වයක් මත ප‍්‍රාග්ධන ආයෝජන කටයුතුවලින් වැළකී සිටීමට පෙළඹීමය.
තව දුරටත් ප‍්‍රාග්ධනය ලාබ බදු පිළිබඳව ගැටලූ ඇත්නම් කුමක් කළ යුතුද?
ඔබට 2017 අංක 24 දරන දේශිය ආදායම් පනත හැදෑරිය හැකිය. නැත්නම් නීතිඥයකු වෙතින් උපදෙස් ලබා ගන්න.
Posted Date: 3rd June 2018


