Sun, Mar 22, 2026 11:00 am - 12:00 pm
Ditva වලින් පසු ලංකාව – අනාගතයට සරිලන නිවාස ප්‍රමිතීන් සහ ප්‍රතිපත්ති
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ස්වභාවික ආපදා තත්ත්වයන්, විශේෂයෙන් Ditva කුණාටුව, නිසා ජාතික මට්ටමින් නිවාස නැවත ගොඩනැගීම, ඉඩම් භාවිත සැලසුම්, සහ ආපදා-ප්‍රතිරෝධී ඉදි කිරීම් පිළිබඳ ප්‍රතිපත්තිමය සමාලෝචනයක් අවශ්‍යවී ඇත. මෙම සාකච්ඡාව තුළින්, පවතින නීතිමය හා සැලසුම් මාර්ගෝපදේශ, ආපදා අවදානම් අඩු කිරීම සඳහා ගත හැකි නව සැලසුම් ක්‍රමවේද, සහ දීර්ඝකාලීන නගර හා ග්‍රාමීය සංවර්ධන ඉලක්ක සමඟ නිවාස නැවත ගොඩනැගීම සම්බන්ධ කරගන්නේ කෙසේද යන්න විමර්ශනය කරනු ලැබේ. ඒ සමඟම, මෙම ප්‍රතිපත්තිමය වෙනස්කම් තුළින් ශ්‍රී ලංකාවට උද්භව විය හැකි නව සංවර්ධන අවස්ථා පිළිබඳවද අවධානය යොමු කෙරේ.